අද(3) කැළණිය ප්‍රදේශයේදී ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය වලට පැවසූවේ සහල් ගැටලුවට හෝ වී මිලෙහි සහතික මිලක් නොමැති වීම ගැන තමන් වගකිය යුතු නැති බවයි. සහල් මිලෙහි ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම තේරුමක් නොමැති බවත්, එම ප්‍රශ්නය නිර්මාණය කළ අයගෙන් එම ප්‍රශ්න අසා දැන ගන්නා ලෙස ද සිරිසේන මහතා පැවසීය. කෙසේ වෙතත් සහල් […]
Category Archives: Archive
77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285ක් වෙත විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිත වන අතර විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටිති. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ. ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් […]
නීතිඥ සුපුන් විජේරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති / ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (03) වැඩ භාරගැනීම සිදු විය. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය. විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න, මොරටුව […]
ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතනයකි. එම ආයතනයේ කාර්‍යභාරය වන්නේ එරට සිටින සහ එරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එම ආයතනයේ දිගුවක් ලෙස මුසානද්(Musanad) නමැති ආයතන ව්‍යූහයක් පවතියි. එම ආයතනය සෞදි අරාබියට , ගෘහසේවය සඳහා පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරයි. මේ වනවිට සෞදි අරාබි රාජ්‍යයේ […]
රාජ්‍ය සේවා ඩිජිටල්කරණයේ මූලික පියවර වන ‘GovPay’ 2025 පෙබරවාරි මස 7 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරේ. “සුරක්ෂිත හා කාර්යක්ෂම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන ගෙවීම් හසුරුවන ආකාරය විධිමත් කිරීම සහ නවීකරණය කිරීම මෙම බිම් මට්ටමේ මුලපිරීම මගින් සිදු වනු ඇත,” ජනාධිපති […]
ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පසුගිය දිනවල වෘත්තීය සමිති, විපක්ෂය සහ මාධ්‍ය මගින් දැනගන්නට ලැබූ අතර ඒ විමර්ශනයට මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ. අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන අතර. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක […]
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද(03දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිමේ. මෙම තහනම් නියෝගය ගෙන ඇත්තේ පසුගියදා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් තාවකාලික භාරකරු පත්කිරීමේ තීරනයට එරෙහිවයි. එමෙන්ම ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේදී ඒ […]
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමට අයිතියක් නොමැති බවට ප් රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අමාත්‍ය විජේපාල මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස […]
හෙට(04) උදෑසන නිදහස් චතුරස්‍රය සහ නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට සූදානම්ව තිබේ. අද (03) උදෑසන පැවැති විශේෂ මාධ්‍ය හමුවේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැහැදිලි කළේ, හෙට දින ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,000 ට අධික පිරිසක් යොදවා ඇති බවයි. ඒ අනුව, පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවකින් […]
වී අස්වනු නෙලීම ආරම්භයත් සමඟ ගොවීන් පසුගිය දින වල පැවති ගොවි සංවිධාන සහ ගොවීන්තු රජයෙන් ඉල්ලා සිටියේ වී සඳහා වන සහතික මිලක් කඩිනමින් ලබා දෙන ලෙසයි. එහෙත් රජය පාර්ෂවයෙන් සඳහන් කළේ ගොවීන්ගෙන් මිලදී ගන්නා වී කිලෝවක් සඳහා මේ වන විට සැලකිය යුතු මුදලක් වෙළෙන්ඳන්ගෙන් ලැබෙන බවත් තව දුරටත් වී ගොවිතැන සඳහා වැයවන මුදල් පිළිබඳ නිසි […]










