අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමට අයිතියක් නොමැති බවට ප් රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අමාත්‍ය විජේපාල මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක් කරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍ය විජේපාල මහතා ජනාධිපතිවරයාගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් ඔහු ඵලදායී ලෙස රාජ්‍ය නිලධාරියෙකු බවට පත් කළ බව පෙත්සම්කරු චෝදනා කරයි.
රාජ්‍ය තනතුරු දැරීම රාජ්‍ය සමග රැකියා ගිවිසුමකට එළඹීමක් වන අතර එමගින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සුදුසුකම් පාලනය කරන ව්‍යවස්ථාමය විධිවිධාන උල්ලංඝනය වන බැවින් මෙම පත්කිරීම අමාත්‍ය විජේපාල මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුසු බව තර්ක කෙරේ.

