ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පසුගිය දිනවල වෘත්තීය සමිති, විපක්ෂය සහ මාධ්‍ය මගින් දැනගන්නට ලැබූ අතර ඒ විමර්ශනයට මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.
අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන අතර. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.
මේ අතර, දැනට ගොඩගැසී ඇති කන්ටේනර් නිශ්කාෂණය කිරීමේ දින 4ක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත් අතර එම මෙහෙයුම ඊයේ අවසන් වූයේ පූර්ණ කාර්ය මණ්ඩලයක් යොදවා වරායේ ගොඩගැසී ඇති කන්ටේනර්, නිශ්කාෂණය කිරීම ඒ යටතේ සිදු කිරීම මගිනි.

