සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු පත් කිරීමේ තීරණයට අධිකරනයෙන් අතුරු තහනම් නියෝගයක්

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද(03දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිමේ.

මෙම තහනම් නියෝගය ගෙන ඇත්තේ පසුගියදා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් තාවකාලික භාරකරු පත්කිරීමේ තීරනයට එරෙහිවයි.

එමෙන්ම ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේදී ඒ එස්. වී. චන්ද්‍රසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් ද තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

124 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »