වී සහතික මිලෙහි අවසන් තීරණය පිලිබද අද කැබිනට් මණ්ඩල රැසිවීමෙන් බලාපොරොත්තුවක් !

වී අස්වනු නෙලීම ආරම්භයත් සමඟ ගොවීන් පසුගිය දින වල පැවති ගොවි සංවිධාන සහ ගොවීන්තු රජයෙන් ඉල්ලා සිටියේ වී සඳහා වන සහතික මිලක් කඩිනමින් ලබා දෙන ලෙසයි.

එහෙත් රජය පාර්ෂවයෙන් සඳහන් කළේ ගොවීන්ගෙන් මිලදී ගන්නා වී කිලෝවක් සඳහා මේ වන විට සැලකිය යුතු මුදලක් වෙළෙන්ඳන්ගෙන් ලැබෙන බවත් තව දුරටත් වී ගොවිතැන සඳහා වැයවන මුදල් පිළිබඳ නිසි අධ්‍යයනයක් කර ඉදිරි දින කිහිපය තුළදී වී සඳහා සහතික මිල නියම කරන බවයි. එහෙත් ගොවීන් පෙන්වා දෙන්නේ දැනට ලැබෙන මිල ප්‍රමානවත් නොවන බවයි.

වී සඳහා වන සහතික මිල ගණනය කර අමාත්‍ය මණ්ඩලයට ලබාදී ඇති බව වාර්තා වනවා අතර ඒ අනුව වී සඳහා වන අවසන් මිල තීරණය කිරීම අමාත්‍ය මණ්ඩලයේදී සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි සදහන් කරයි.

90 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »