අද(3) කැළණිය ප්‍රදේශයේදී ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය වලට පැවසූවේ සහල් ගැටලුවට හෝ වී මිලෙහි සහතික මිලක් නොමැති වීම ගැන තමන් වගකිය යුතු නැති බවයි.
සහල් මිලෙහි ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම තේරුමක් නොමැති බවත්, එම ප්‍රශ්නය නිර්මාණය කළ අයගෙන් එම ප්‍රශ්න අසා දැන ගන්නා ලෙස ද සිරිසේන මහතා පැවසීය.
කෙසේ වෙතත් සහල් ප්‍රශ්නය අවසන් වීමට නම් වී සහතික මිල ප්‍රශ්නය අවසන් කළ යුතු බව සිරිසේන මහතා සඳහන් කරයි. තවද මේ සදහා වී නිෂ්පාදන වියදම ගණනය කරගැනීමට නොහැකි දැයි ඔහු ප්‍රශ්න කරයි.
රජය සහල් සඳහා පාලන මිලක් පනවා ඇති නිසා ඒකට යටත්ව වී මිලදී ගැනීමට සිදුව ඇති බවද පවසන ඔහු වි ඉහළ මිලකට මිලට ගැනීමට නම් අදාළ පාර්ශවයන්ගෙන් කැදවා සහල් පාලන මිල සම්බන්ධයෙන් යළි තීන්දුවක් ගත යුතු බවද සිරිසේන මහතා කියා සිටී.
178 Views

