77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285ක් වෙත විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිත වන අතර විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටිති.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ.
ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත. සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් හෙට දින වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් ඒනම් 33 දෙනකු නිදහස ලබන්නේ වාරියපොළ බන්ධනාගාරයෙන් බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක මහතා පැවසීය.
96 Views

