Tag Archives: News

සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ පාඩුවෙන් සියයට 40ක් ශ්‍රී ලංකාව අයකර ගනු ඇතැයි IMF අපේක්ෂා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Dr.Peter Breuer ප්‍රකාශ කර ඇත්තේ 2018 සහ 2023 අතර වසර හයක කාලය තුළ ශ්‍රී ලංකාව සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ අලාභයෙන් සියයට 40 ක් පමණ 2024 අවසන් වන විට අයකර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. විධායක අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ (4) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට […]

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය – මුදල් අමාත්‍යාංශය

🔸 ආනයනය කරන ලද වාහනවලින් 25{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba}ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, ආනයනයට අදාළ අවසරය අත්හිටුවනවා – නිලධාරීහු පවසති රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවසූහ. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් […]

ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධ‍යන් විමර්ශන ආරම්භ කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධ‍ෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන්ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධනබෙදා හැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපසුතාවයට පත්කිරීමට කටයුතු කරමහජනාවට පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ පාර්මේන්තුවවෙත පැමිණිල්ලක් ලැබීඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. සාමාන්‍ය ජන ජීවිතය […]

අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සැපයුමක් සහතික කෙරේ

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (03) රැස් වූහ. එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිගයකින් තොරව සහන මිලට […]

මාර්තු 5 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ගැන GMOA අනතුරු අඟවයි

වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරී සහ නිවාඩු දීමනා සඳහා රජය විසින් මෑතක දී සිදු කරන ලද කප්පාදුව ආපසු හරවා නොගතහොත් මාර්තු 5 වනදා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි. GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසන පරිදි 2025 අයවැය මගින් අතිරේක රාජකාරි දීමනාව මූලික වැටුපෙන් 1/80 […]

අප්‍රේල් 18 සිට 27 දක්වා දළදා විශේෂ ප්‍රදර්ශනය

ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය රටපුරා ප්‍රවර්ධනය කරන ලෙස ජනපති ඉල්ලා සිටී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත. ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා පස්වරු 3.00 සිට මහජනතාව සඳහා විවෘතව පවතී. 5:30 දක්වා, සහ ඉන් පසුව, […]

ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය අදයි

රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරය අද (02) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධාන කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1951 මාර්තු 2 දින ‘රාජකීය ලංකා ගුවන් හමුදාව’ වශයෙන් ස්ථාපිත කරනු ලැබූ අතර, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව 1972 මැයි 22 […]

හෙට මාර්තු 01 දින සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 එම ප්‍රදේශ වසා තැබේ

හෙට මාර්තු 01 දින සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 එම ප්‍රදේශයේ පවත්නා වර්ෂාව හේතුවෙන් සංචාරකයන්ට වසා තැබේ. ඒ අනුව එහි පවත්නා සංචාරක බංගලා ද නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සඳහා වසා තැබෙන බව දැනුම් දෙනු ලැබේ. යාල කලප 3,4,5 සහ 6 සංචාරකයන් සඳහා විවෘතව පවතින අතර එම […]

නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කර ඇති බව කෝප් කමිටුවේදී හෙලිවේ

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවිකාවන් 28165 ක් පළමුවරට විදේශගතකිරීම හේතුවෙන් […]

2025 මාර්තු මස 02 දින සඳහා කාලගුණ අනාවැකිය

2025 මාර්තු මස 02දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව […]

Translate »