ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය අදයි

රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරය අද (02) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධාන කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1951 මාර්තු 2 දින ‘රාජකීය ලංකා ගුවන් හමුදාව’ වශයෙන් ස්ථාපිත කරනු ලැබූ අතර, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව 1972 මැයි 22 දින ‘ශ්‍රී ලංකා ගුවන් හමුදාව’ ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකිනවා සේම මාතෘ භූමියට සිදු වූ ස්වාභාවික විපත්වලදී ද ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු ඉටුකිරීම සඳහා ද සුවිශේෂී දායකත්වයක් දක්වමින් මානුෂීය මෙන්ම නව තාක්ෂණ දැනුම හා වෘත්තීමය පරිණතභාවය මෙන්ම විනයගරුක බවින් ද පරිපූර්ණව අභිමානවත් හමුදාවක් ලෙස තම කාර්යයන් නිසි ලෙස ඉටුකරන ලදි.

‘සුරකිමු ලකඹර’ යන උද්ධෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 74ක් තම මෙහෙවර මවුබිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.

77 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »