විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර ඇත.ඔවුන් ඊයේ (28) රැස්විය. ඩොලර් මිලියන 344 ක වාරිකයක් අනුමත කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) තුන්වන සමාලෝචනය සම්පූර්ණ කර ඇති අතර, […]
Category Archives: News Highlights
2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාව ආරක්ෂක අමාත්‍යාංශයේත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේත් වැය ශීර්ෂ විවාදයට ලක් කෙරෙන මෙම අවස්ථාවේදී කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම බෙහෙවින් සතුටු වෙනවා. […]
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවයි. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්වේ. […]
පසුගිය පෙබරවාරි 9 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. ප්‍රකාශයේ, මණ්ඩලය ජාල ස්ථායිතාව වැඩි දියුණු කිරීමට සහ අනාගත ඇනහිටීම් වලක්වා ගැනීමට මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග දක්වා ඇත. ප්‍රධාන ක්‍රියාමාර්ග අතරට අඩු ධාරිතාවයකින් සමහර ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට තෝරාගත් ගෑස් ටර්බයින […]
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (පෙබරවාරි 18 වැනිදා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබිණි. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අද භාර දුන්නේ ය. ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක […]
අද(17) දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරණ ලද අයවැය කරුණු ප්‍රමානයක් පහත පරිදි වේ. මේ වසරේ 5{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba} ආර්ථික වර්ධනයක් ලගා කර ගනීම ප්‍රග්ධන වියදම් සදහා දළ් දේශීය නිෂ්පාදනයෙන් 4{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba} සෞඛ්‍ය හා අධ්‍යාපනය වැඩිම ප්‍රතිලාභයක් නව තීරුබදු නිර්නය කිරීමට ප්‍රතිපත්තියක් හදුන්වාදීම ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් නව රේගු පනතක් ආර්ථික පරිවර්ථන පනත සංශෝධනයට […]
– ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින සහයෝගීතාව සහ මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමට වියට්නාමය කැප වී සිටින බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අරමුණු ඉටු කර ගැනීමේදී තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට වියට්නාමය සූදානම් බවත් වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය […]
ඊයේ දිනයේදී(13) රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභාව සහ සෞඛය. සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සමඟ විශේෂිත වූ සාකච්ඡාවක් පැවැත් වුඑහිදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක පෙන්වා දී ඇත්තේ මේ වන විට වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු රට තුල රඳවා තබා ගැනීමේදී ඇතිවෙලා තියෙන ප්‍රායෝගික ගැටලු සහ ඒ හරහා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු රට හැරදා යාමේ […]
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරය සඳහා එක්විය. මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා, එක්සත් […]
මෙම පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ පූර්ව සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ […]










