පාන් මිල අඩුවෙයි

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවයි.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්වේ.

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබුනි.

100 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »