2025 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි ආණ්ඩුකාර ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් අතර හමුවක් ඊයේ (12) පැවැත්විණි. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Sheikh Hamdan bin Mohammad bin Rashid […]
Category Archives: News Highlights
අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතින අතර බොහෝ දුරට හෙට (14) දිනය […]
ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම ද සිදු විය. මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යමොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී […]
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ(08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන […]
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා අලුතින් 7456 දෙනකු බඳවා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අමාත්‍යාංශ 7කට, පළාත් සභා 2කට සහ කොමිෂන් සභාවකට වශයෙන් මේ පිරිස බඳවා ගැනීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 3000ක්, ආරක්ෂක අමාත්‍යාංශයට 9ක්, විද්‍යා හා […]
හෙට (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් හෙට දින උදෑසන ගැනීමට නියමිත බව ආරංචි මර්ග පවස්‍යි. එම නිසා ඊයේ (11) සහ පෙරේදා (10) දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුන විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමක් අතරතුර මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇත. හෝටලයේ ආහාර ගනිමින් සිටියදී මන්ත්‍රීවරයා සහ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව දැනගන්නට ඇත. සිද්ධිය […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා ඊයේ (11) ඩුබායිහිදී හමුවිය. ඒ අනුව වෙළෙඳාම නංවාලීම, වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කළහ. දිසානායක ශ්‍රී ලංකාවේ විනිවිද පෙනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තිරසාර වර්ධනය සහ කලාපීය සහයෝගීතාව සඳහා කැපවීම අවධාරණය කළේය. 78 Views
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයේ තුන්වන දිනය අද (12) සනිටුහන් කරයි. අද පස්වරුවේ ජනාධිපතිවරයා ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිය ඇමතීමට නියමිත අතර එහිදී ආර්ථික වර්ධනය, නවෝත්පාදන සහ පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම ඔහු විසින් ගෙනහැර දක්වනු ඇත. ඔහුගේ කථාව තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම […]
2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) පස්වරුවේ කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂීක් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා හමුවිය. සාකච්ඡාවේදී, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවල පුළුල් විභවයන් අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ජනාධිපති දිසානායක මහතා අවධාරණය […]









