අයවැයෙන් ගුරු වැටුප් ඉහළට මොඩියුල ක්‍රමය ගැනත් තීරණයක් ගනී අගමැතිණිය සමග සාකච්ඡා සාර්ථකයි

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ(08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශක සේවයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම සේවාවන්හි උසස්වීම්, වැටුප් විෂමතා, වෘත්තීය ගැටලු, ගුරු විදුහල්පති සේවයේ ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු කිරීම (ජාතික හා පලාත්), පාසල් වලට සිසුන් ඇතුලත් කිරීම හා මුදල් එකතු කිරීම, ජාතික පාසල් වල විදුහල්පති පුරප්පාඩු වලට බඳවා ගැනීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් හා පිරිවෙන් පද්ධතියේ පවතින ගැටලු සහගත තත්වයන් විසඳාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

අර්ධ රාජ්‍ය පාසල්වල සිදුකරන ගාස්තු අයකිරිම, පන්තියක ළමුන් 35කට සීමා කිරීම, පන්ති ප්‍රමාණය සීමා කිරීම, ගුරු උපදේශක සේවයේ කඩඉම් විභාග පැවැත්වීම යන කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

පාසල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී පුරප්පාඩු නොමැතිව ළමුන් ඇතුලත් කර නොගැනීමට සහ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලිපි නිකුත් කිරීම් සිදු නොකිරීමට මේ වන විට ක්‍රියා කර ඇති බවත්, ගුරුවරුන් ඇතුළු සමස්ථ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සහ අග්‍රාමාත්‍යවරිය අතර මාසිකව සාකච්ඡාවාරයක් පැවැත් වීම පිළිබඳවත් මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

මෙම අවස්ථාවට, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ගුරු විදුහල්පති සන්ධානය නියෝජනය කරමින් ජෝසප් ස්ටාර්ලිං ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

86 Views
86 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »