අද දින විදුලි කප්පාදුවක් නෑ, ඉදිරි විදුලි කප්පාදුව ගැන තීරණය හෙට උදේට

හෙට (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් හෙට දින උදෑසන ගැනීමට නියමිත බව ආරංචි මර්ග පවස්‍යි.

එම නිසා ඊයේ (11) සහ පෙරේදා (10) දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබූ අතර, අද (12) පොහොය දිනය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.

130 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »