105 Views
Author Archives: srilankangate_uh4c1k
🔸 පෞද්ගලික සමාගම තෝරාගැනීමට උපදෙස් ලබා දුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයායි – කාරක සභාවේදී අනාවරණය වෙයි 🔸 2022 වසරේදී ලැබීමට නියමිතව තිබු ඖෂධ වර්ග, ශුන්‍ය මට්ටමකට ලඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවා දක්වමින් ඒවා ආනයනයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේදී Savorite නමැති පුද්ගලික සමාගමට ඖෂධ වර්ග 38 […]
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පසුගියදා (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දශක හතකට ආසන්න කාලයක් පැවති නිල සබඳතා මෙන්ම, දෙරට අතර පැවති ගැඹුරු ඓතිහාසික හා […]
ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරය (International Red Cross and Red Crescent Movement), ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS), ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) සහ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම් සම්මේලනය (IFRC) යන සංවිධානවල නියෝජිත පිරිසක් 2025.03.26 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ […]
කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරයක් ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී 2025.03.25 දින ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේසහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවට සමගාමීව මෙය සංවිධානය කර තිබිණි. මෙහිදී අදහස් […]
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමුවැනි රැස්වීම පසුගියදා (19) දින කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහමුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේප්‍රධානත්වයෙන් පැවැත්විණි. පසුගිය කාලයේ ඇතිවූබහාලුම් තදබදය තුළ ශ්‍රී ලංකා රේගුව විසින්බහාලුම් 323 ක් නිදහස් කිරීම […]
දසවැනි පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා තේරී පත්විය. ඒ එම කාරක සභාව පසුගිය 21 වනදා ප්‍රථම වරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් යෝජනා කරන ලද අතර ගරු පාර්ලිමේන්තු […]
දසවනිපාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයටකාන්තා හා ළමා කටයුතුගරු අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය තේරී පත් විය. ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම 2025.03.21 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදී ඒ මහත්මිය මෙලෙස සභාපතිධුරය සඳහා තේරී පත්විය. […]
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (25) භාරදෙන ලදී. මේ සඳහා මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබේ. 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 5 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම යෝජනා සම්මතය ගරු […]
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සභානායක, ප්‍රවාහන මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන්සේවා ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා තේරී පත් විය. ඒ ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගිය 21 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය. […]










