ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය තේරී පත්වෙයි

දසවනිපාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයටකාන්තා හා ළමා කටයුතුගරු අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය තේරී පත් විය.
ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම 2025.03.21 වන දින ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදී ‍ඒ මහත්මිය මෙලෙස සභාපතිධුරය සඳහා තේරී පත්විය. ශ්‍රී ලංකාවේ ප්‍රංශ නියෝජ්‍ය තානාපති(Charge d affaires) මාරි නොඑල්ලි ඩුරිස් (Marie -Noelle Duris) මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
මේ අතර ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා තේරී පත් විය. මෙහිදී අදහස් දැක්වූගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර වසර හැත්තෑ පහක සිට පවත්වාගෙන එනු ලබන ද්විපාර්ශ්වික සබඳතාවය සිහිපත්කරමින්පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් බව පෙන්වා දුන්නේය. එමෙන්මදෙපාර්ශ්වයටම උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සංචාරක, ආයෝජන, අධ්‍යාපන, සමුද්‍රීය ආරක්ෂණ සහ දේශගුණික විපර්යාස සම්බන්ධ නීති වැනි කේෂ්ත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමේ වැදගත්කමත්තව දුරටත් අදහස් දක්වමින්කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රංශ නියෝජ්‍ය තානාපති මාරි නොඑල්ලි ඩුරිස් (Marie -Noelle Duris) මහත්මියදමෙහිදී අදහස් දක්වමින්, මෙමමිත්‍රත්ව සංගමය මගින්දෙරට අතර මිත්‍රශීලි සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. තවද ප්‍රංශ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා-පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය සුවියූ බුහුවා මහත්මිය ඇතුළු පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයින්හමුවුමට අපේක්ෂාවෙන්පසුවන බවත් ඇය දැනුම් දුන්නීය. ඒ අනුව මෙම ප්‍රංශ -ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නව නිලධාරි මුඩුල්ලට සිය ශුභාසිංසන එක් කළඇය, දෙරට අතර සංස්කෘතික,අධ්‍යාපන,සංචරාක, ආර්ථික, කාන්තා අයිතිවාසිකම්,ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා මානව හිමිකම් වැනි කේෂ්ත්‍රවලින් අන්‍යොන්‍ය අවබෝධයකින් කටයුතු කිරීමේ හැකියාවක් පවතින බවත්පැවසුවාය.
සංගමයේ සභාපතිත්වයට තේරී පත්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කරමින්,ගරු අමාත්‍ය සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මි,ය වසර හැත්තෑ පහක් පුරාප්‍රංශය, ශ්‍රී ලංකාව වෙනුවෙන් කළමිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ඇගයීමට ලක් කළාය. විශේෂයෙන් අධ්‍යාපන හා සංස්කෘතික,ආර්ථිකක්ෂේත්‍රවලින්ශ්‍රී ලංකා-ප්‍රංශ සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ඇයසියලුම සාමාජිකයින්ට එමෙහිදී ඇරයුම්කළාය.
මෙහිදීස්තූති කතාව සිදුකරමින් සංගමයේ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්මහතාමෙම සංගමය තුළින් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක සිට පවතින සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළේය.
මෙම අවස්ථව සඳහා ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිසක්සහභාගීව සිටියහ.

112 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »