ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පසුගියදා (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය.
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දශක හතකට ආසන්න කාලයක් පැවති නිල සබඳතා මෙන්ම, දෙරට අතර පැවති ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා මෙහිදී කථානායකවරයා සිහිපත් කළේය. දූෂණයෙන් තොර සහ ස්ථාවර ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා නව රජය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. එසේම ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනිඅංශවල ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා සම්බන්ධවන ලෙස දකථානායකවරයාඊජිප්තුවේ ආයෝජකයින්ට ආරාධනයක් ද කළේය.
තානාපති ගරු ආදෙල් ඉබ්‍රාහිම් මහතා ගරු කථානායකතුමාට සිය සුබ පැතුම් එක් කළ අතර ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ඇගයීමට ලක්කළේය. විවිධ අංශවල සහයෝගීතාව ඔස්සේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා ඊජිප්තුව කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.
වෙළඳාම සහ ආයෝජන, සංචාරක, සංස්කෘතික සහ වෙනත් හුවමාරු වැඩසටහන් වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡාවල නිරත විය.
දෙරටේ ව්‍යවස්ථාදායක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවදගරු කථානායකවරයා මෙහිදීසඳහන් කළේය.
News Highlights
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඊජිප්තු තානාපතිවරයා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි
63 Views

