ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරය (International Red Cross and Red Crescent Movement), ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS), ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) සහ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම් සම්මේලනය (IFRC) යන සංවිධානවල නියෝජිත පිරිසක් 2025.03.26 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Séverine Chappaz), එම කණ්ඩායමේ සන්නිවේදන කළමණාකරු රුවන්ති ජයසුන්දර මෙනවිය, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ සංගම් සම්මේලනයේ දකුණු ආසියානු නියෝජිත ප්‍රධානි ජෝන් එන්ට්විස්ල් මහතා (John Entwistle) සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම හමුව සදහා එක් වී සිටියහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා එහි දායකත්වය ලබා දිය හැකි ආකාරයන් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම හමුවේ මුලික අරමුණ විය.
ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ප්‍රතිපත්ති සහ දසවන පාර්ලිමේන්තුව මගින් ළඟා කරගෙන ඇති නව දේශපාලන සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳවත් මෙහි දී දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
එසේම ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සමීප සහයෝගය ලබා දෙන ලෙසත් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවේ දී නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය.
News Highlights
ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ නියෝජිතයෝ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙති
140 Views

