කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරයක් ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී 2025.03.25 දින ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේසහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවට සමගාමීව මෙය සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දක්වමින් ගරුආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් රැකියා වෙළෙඳපොළ අරමුණ කිරීම පමණක් නොව සමාජයට යහපත් නායකත්වයක් දෙන ආර්ථිකයට දායක වියහැකි කුසලතා පිරි යෞවනයක් නිර්මාණය කිරීමට රජය අපේක්ෂා කරන වන බවයි.එසේම අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න විමසීමට ද සිසුවියන්ට මෙහිදී අවස්ථාව හිමිවිය.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේ මමත්වයෙන් තොර වඩාත් දුරදක්නා නුවණින් යුතු නායකයන් වීමට දරුවන් අදිටන් කරගත යුතු බවයි.පරාර්ථය පරමාර්ථය කරගනිමින් අවම පරිභෝජනවාදය සහිත නායකයෙක් වීමේ අවශ්‍යතාව කථානායකවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
එසේම අප ප්‍රාර්ථනා කරන සුන්දර රට නිර්මාණය කිරීමට නම්විනයක් සහිත පුරවැසියෙක් ලෙස සමාජගතවෙමින් පවතින සමාජය වෙනස් කිරීමට දරුවන් අදිටන් කරගතයුතු බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
එසේම පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය පැවසුවේ මෙවර පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය සැලකියයුතු ලෙස වැඩිවීම පිළිබඳ සතුටුවිය හැකිවුව ද මෙරට දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට තවදුරටත් සිසුවියන් ඉදිරියට පැමිණිය යුතු බවයි. පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ 5වැනි තැන ද ලෝකයේ සියලු රටවල් අතර 166 වැනි තැන ද ගන්නා බව ද ඇය පෙන්වා දුන්නාය.
එසේම මෙහිදී “පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ දැයේ දූදරුවො” මැයෙන් දේශනයක් ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය, මෙරටඓතිහාසික සහ අභිමානවත් ස්ථානයක සිටශිෂ්‍ය පාර්ලිමේන්තුවක අත්දැකීම ලබා ගැනීමට හැකිවීම සිසු දරුවන්ට හිමිවන වටිනා අවස්ථාවක් බවපෙන්වා දුන්නාය.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු “විෂන්” සඟරාවෙහි සමරු කලාපය ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක නදීක දංගොල්ල මහතා විසින් අග්‍රාමාත්‍යවරියට පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණ.
එසේම මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍යාවන්ට ගරු කථානායකවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදුවිය.
තවද විශාඛා විද්‍යාලය විසින්ශාන්ත අන්තෝනි සහ ශාන්ත ලුසියා විදුහල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු පිහිටුවීම සඳහා උපකරණ ප්‍රදානය කිරීම මෙන්ම පුස්තකාල පොත් ප්‍රදානය කිරීම ද මීට සමගාමීව සිදු කෙරිණි.
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන්.කුමාරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, විශාඛා විද්‍යාලීය විදුහල්පති මනෝමි සෙනෙවිරත්න, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා)සහඅධ්‍යක්ෂ සන්නිවේදන(වැඩ බලන) එම්. ජයලත් පෙරේරා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ කළමනාකාරිණි බුද්ධිනි රාමනායක යන මහත්ම මහත්මීහුඇතුළු නිලධාරීහු පිරිසක්ද විශාඛා විද්‍යාලයේ ගුරුභවතුන් හා ශිෂ්‍යයාවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
News Highlights
කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරයක් අග්‍රාමාත්‍යවරිය සහ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී පවත්වයි
132 Views

