එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ‘2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට’ සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. ජනාධිපති තුමා ඇතුලු දූත පිරිස අද උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ […]
Author Archives: srilankangate_uh4c1k
විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. 76 Views
හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත […]
“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය සේවාවක් අද (10) ආරම්භ වන අතර එය නානුඔයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක වේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගෙන් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් නව දුම්රිය සේවාව හඳුන්වා දී ඇති බවයි. මෙම දුම්රිය අඟහරුවාදා හැර දිනපතා ධාවනය වන අතර, පෙරවරු 8:10 ට නානුඔයෙන් […]
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීතිබේ. . 01. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස 02. රාජකාරි ඉටු කිරීම […]
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 පෙබරවාරි 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිව්දින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සිය සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට […]
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි. උපුටා ගැනීම : විදේශයක් සිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පකීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි වෘත්තීමය භාවයේ, කුසලතා මත පදනම්ව පතිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ […]
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා (AG) ගෙන ඇති තීරණය කැබිනට් මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) කනස්සල්ල පළ කර තිබේ. නීතිපතිවරයා මහජනතාවට වගකියන අතරම ඔහු අර්ධ අධිකරණ කාර්යභාරයක් ඉටු කරන අතර පවතින සාක්ෂි සහ නීත්‍යානුකූල පිළිගැනීම මත තීන්දු තීරණ ගත යුතු බව […]
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. තවද ඇය කියා සිස්ටියේ “මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි […]
2025 පෙබරවාරි 7 වැනි දින 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික උත්සවය ජාතියේ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් අපනයනකරුවන්ට ගෞරව කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම […]










