පොලිස් මුල් පුටු ස්ථාන මාරුවීම් නිවේදනය

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීතිබේ. .

01. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස

02. රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතා
බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරිම සදහා (වහාම ක්‍රියාත්මක වන පරිදි)

03.රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා
රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරීම සඳහා

මෙයට අමතරව වැඩබලන පොලිස්පතිතුමා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට පහත සදහන් පත් කිරීම සිදු කර ඇත.

නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.සෙනෙවිරත්න මහතා

නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ය.

103 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »