ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න රජයට සෑම නීතිමය පියවරක්ම ගන්නවා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

තවද ඇය කියා සිස්ටියේ “මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්, ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි.

අහිංසාගේ කනස්සල්ල සහ ඇයට මේ මොහොතේ දැනෙන වේදනාව මට හොඳින් තේරෙනවා, මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබා දීලා, අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට අපි අපේ උපරිමයෙන් කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමගත් පුළුල්ව සාකච්ඡා කළා.

මේ පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ සාක්ෂි නැවත ගොණු කිරීමට අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. අවශ්‍ය නම් අලුතින් නඩු පවරන්නත් කටයුතු කරනවා විතරක් නෙමෙයි යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

65 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »