“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය සේවාවක් අද (10) ආරම්භ වන අතර එය නානුඔයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක වේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගෙන් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් නව දුම්රිය සේවාව හඳුන්වා දී ඇති බවයි.
මෙම දුම්රිය අඟහරුවාදා හැර දිනපතා ධාවනය වන අතර, පෙරවරු 8:10 ට නානුඔයෙන් පිටත් වී බදුල්ලට ළඟා වේ. ආපසු ගමන පස්වරු 1.00ට බදුල්ලෙන් ආරම්භ වී නැවත නානුඔය දෙසට ගමන් කරන බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
124 Views

