ජනපති ‘ලෝක රාජ්‍ය සමුළුවට’ සහභාගී වීමට දිවයිනෙන් පිටව යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ‘2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට’ සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ජනාධිපති තුමා ඇතුලු දූත පිරිස අද උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියි.

86 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »