ප්‍රකට ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

මියයන විට ඒ මහතා අවුරුදු 85 වන වියේ පසුවිණි.

යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නම රැන්දූ දැවැන්තයෙකි.

ඔහු ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති අතරල බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු (1998 – 2000) ද වේ.

125 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »