ජනාධිපතිතුමා ඉදිරි දිනයක දී මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වීමට නියමිතය

මැදපෙරදිග රටවල් රැසකින් ලැබුණු ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනයක දී මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේ මූලික අවධානය යොමු වී ඇත්තේ රජයෙන් රජයට සහයෝගීතාව තුළින් ඛනිජ තෙල් සුරක්ෂිත කිරීම අරමුණු කරගත් සාකච්ඡාවල නිරත වීමයි. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ මැදපෙරදිග ජාතීන් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා පරිපාලනයේ කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කෙරේ. තවද ආයෝජන, ආර්ථික උපාය මාර්ග, සංචාරක සහ රැකිරක්ෂා පීළිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ඒ වාගේම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ප්‍රශ්ණ සහ ජීවන තත්වය පිළිබදව සොයා බලා යම් ආයතනික හා රාජ්‍ය මැදිහත් වීමක් සිදුකරලීම කාලෝචිත කරුණක් වේ.

පසුගියදා කළුතර, බේරුවල ප්‍රදේශයේ දී පැවති දේශනයකදී ජනාධිපති අනුර දිසානායක මහතා මෙම සාකච්ඡාවල වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂෙත්‍රයේ එවැනි සහයෝගීතාවන්ගෙන් ඇති විය හැකි ප්‍රතිලාභ පිළිබඳව අවධාරණය කළේය. මැදපෙරදිග සංචාරය මෙම අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

92 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »