ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ..

ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත.

ඔහු 2005 දී ශ් රී ලංකාවට කළ සේවය වෙනුවෙන් දේශමාන්ය සම්මානයෙන් පිදුම් ලැබීය. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්විය. එතුමා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඔහු විසින් පාලනය කළ සමූහයේ සමාගම් අපනයන, ආහාර, කෘෂිකාර්මික, ක්‍රීඩා, හෝටල් සහ මූල්‍ය දක්වා පුළුල් පරාසයක පවතී. ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකම සභාපතිත්වය දැරීය.

146 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »