මොහමඩ් සාලි නලීම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාර දී ඇති බවත් එබැවින් දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවූ බවත් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
මේ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා විසින් ලබාදී ඇති ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් සභාවට කියවනු ලැබූ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා මන්ත්‍රීවරයා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සඳහන් කොට තිබේ.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිතුවෙන් දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය.

76 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »