පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පාසල් සිසු සිසුවියන් සහ කථානායකවරයා අතර සුහද හමුවක්

පසුගියදා (12) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පාසල් සිසු සිසුවියන් පිරිසක් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී සුහද පිළිසදරක යෙදුණහ. මේ අවස්ථාවට පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසල සහ මොණරාගල මහානාම විද්‍යාලය යන පාසල්වල සිසු සිසුවියන් සහභාගී විය.
එහිදී සිසු සිසුවියන් සමග සුහද පිළිසදරක යෙදෙමින් කථානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නෛතික ක්‍රියාවලිය පිළිබදව සිසුන් දැනුවත් කළේය. පොදු මහජනතාවට සහ පාසල් දරු දැරියන්ට පාර්ලිමේන්තු ක්‍රියාවලිය අත්විඳ ගැනීමට සහ ඒ පිළිබඳ දැනුවත් වීමට ඇති අවස්ථා පුළුල් කිරීම හා ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබදව තම අවධානය යොමුවී ඇති බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඌපුටා ගැනීම -පාර්ලිමේන්තු ෆේස්බුක් ගිණුම –https://web.facebook.com/share/p/18NmpDfq8b/

80 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »