රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වන්න – ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා

රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේවිදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රැකියා සඳහා විදේශගත කරන බව බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේපැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් විසින් ප්‍රශ්න කරනු ලැබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවිජිත හේරත් මහතා මේ බව පැවසුවේය.
තවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත කරනු ලැබූ ඒජන්සි සහ ගාස්තු සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් විය හැකි බවත් යම් පාර්ශ්වයක් විසින් අනුමත මුදලට වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව යම් ක්‍රියාවලියකට සම්බන්ධවී ඇත්නම් කාර්යාංශට පැමිණිලි කළ හැකි බවත් පැමිණ සිටි නිලධාරීහු කාරක සභාවටදැන්වූහ.
රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එම රටේ යුධ මෙහෙයුම් සඳහා යොදවන බවත්, ඉතාමත් අමානුෂික ලෙස ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ. ඊට පිළිතුරු ලබාදුන්සභාපතිවරයා මෙම තත්ත්වය පිළිබඳ තමා දැනුවත් බවත්, මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයක් බවත්සභාවට අවධාරණය කළේය.
සංචාරක ප්‍රදේශයන්හි සංගීත සංදර්ශන සහ රාත්‍රී සාද සඳහා ශබ්ද විකාශන භාවිතය රාත්‍රී 10 වන තෙක් පමණක් සිමා වීම සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා යෝග්‍ය නොවන බවට මන්ත්‍රීවරයන් විසින්කාරක සභාව දැනුවත් කරනු ලැබූ අතරඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ සාමාන්‍ය ජනතාවට බාධා නොවන අයුරින් මේ කාරණාව පිළිබඳ කටයතු කළ යුතු බවයි.
ගරුවිදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ය‍ටතේ ඇති ආයතනවල නිලධාරීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

ඌපුටා ගැනීම -පාර්ලිමේන්තු ෆේස්බුක් ගිණුම – https://web.facebook.com/share/p/198Bpm8CMs/

70 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »