උතුරට රජය සැලසුම් කර ඇති ව්‍යාපෘති ගැන සතුටුයි – අඩෛක්කලනාදන් මන්ත්‍රී

ජාතික ජන බලය ආණ්ඩුවේ මංගල අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් අයවැයෙන් යෝජනා කර ඇති නිසා බව ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

“2025 අයවැය යෝජනා හරහා රජය උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා. මෙම ක්‍රියාමාර්ග තුළින් උතුරු පළාතේ ජනතාවට ප්‍රතිලාභ ලැබීම ගැන අපි සතුටු වෙනවා,” ඔහු පැවසීය.

ඉදිරියේදී රජයට එක්වීමේ අදහසක් ඇත්දැයි විමසූ විට අඩෛක්කලනාදන් මහතා පැවසුවේ රජයට එක්වීමේ අදහසක් නොමැති බවත් යාපනයේ ජනතා නියෝජිතයෙකු ලෙස උතුරේ ජනතාවට යහපත් දේ ක්‍රියාත්මක කිරීමට රජයට උදව් කරන බවත්ය.

“රජය අයවැය මගින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට වෙන් කර ඇති අතර මෙයින් ගම්‍ය වන්නේ පළාතේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කළ කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ආණ්ඩුවේ ප්‍රකාශ හුදු වාචාලකම ඉක්මවා ගොස් ප්‍රත්‍යක්ෂ ක්‍රියාවන් බවට පරිවර්තනය විය යුතු බවයි.

64 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »