ශ්‍රී ලංකා නව රජයේ ආර්ථික වැඩපිළිවෙළට ඉතාලියේ සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබා දෙන බව තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බවද ඉතාලි තානාපතිවරයා පැවසීය.
ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයින්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

111 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »