ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim)අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණි .
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම අතරදෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක් විය.
ජනාධිපතිජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේ උපදේශකමොහොමඩ් මාදි(Mohomed Mady) යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.
88 Views

