නාමල් CIDට යද්දී යූටුබර් වලියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ(26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනේ ශ්‍රී ලංකා ගුවන් සමාගම සිදු කරන ලද එයාර් බස් ගණුදෙනුවකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහායි .
මේ අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසළ රැඳී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් සහ යූ ටියුබ් මාධ්‍යවේදියෙකු අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
රාජපක්ෂවරුන් විවේචය කරමින් මෙම පටිගත කිරීම සිදුකළ යූටියුබ් කරුවා අවහිර කරමින් නාමල්ගේ පාක්ෂිකයින් කෑකෝ ගැසූ අතර පසුව පොලිසියද මෙම ගැටුමට මැදිහත්ව සමථයකට පත් කිරීමට සිදුවිය.

205 Views
205 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »