පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල පුහුණුවට රජයේ රෝහල් ලබා දීම අවලංගු කෙරේ

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පසුගිය රජය ගත් කැබිනට් තීරණය අවලංගු කළ බවත් හලාවත මූලික රෝහල, සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා ලබා දීමට පසුගිය රජය සමයේ තීරණය අවලංගු වන බවයි. තවද මේ අවස්ථාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමටද රජය තීරණයක් ගෙන නොමැත.

මේ අතර , කොළඹ විරෝධතාවක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් ජනාධිපති කාර්යාලයට ගොස් සිය ගැටළු ඉදිරිපත් කළ අතර පසුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ඊයේ රාත්‍රි පැවැත්විණ.

වයඹ, සබරගමුව සහ මොරටුව විශාවවිද්‍යාල වල වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය ඒකක ගැටළු විසදීම, රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය රැකගැනීම හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ සූදානම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ද ඔවුන්ගේ ගැටලු

117 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »