මන්ත්‍රීවරු 43ක් රු කෝටි 122ක වන්දි අරන්

වසර 2022 පැවති අරගල සමයේදී දේපොළ හානි වූ බව පවසමින් දේශපාලනඥයන් 43 දෙනකු විසින් රුපියල් කෝටි 122.4ක වන්දි මුදලක් රජයෙන් ලබාගත් ආකාරය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) හෙළිදරවු කළේය.

බුද්ධිමය දේපොළ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදය අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

හානි වූ දේපොළ සම්බන්ධයෙන් වැඩි මුදලක් තක්සේරු කරන ලෙසට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන්ටත් බලපෑම් කරමින් මෙම වන්දි මුදල් ලබාගෙන ඇති බවත් ඇමැතිවරයා අනාවරණය කළේය.

මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රුපියල් 550,000
ගීතා කුමාරසිංහ – රුපියල් 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි
ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800
විමල් වීරවංශ – රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000
අකිල එල්ලාවල – රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000
සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි
රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි
ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි
මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි
වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි
දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි
කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි
ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි
එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි
සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි
නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි
අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි
ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි

142 Views
142 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »