දිනකට විදේශ ගමන් බලපත්‍ර 4,000ක් නිකුත් කිරීමේ වැඩපිළිවෙලකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

ආගමන විගමන දෙපාර්තමේන්තුව 24/7 ක්‍රියාත්මක කරමින් විශ්‍රාමිකයින් ඇතුළු අමතර කාර්ය මණ්ඩලයක් කොන්ත්‍රාත් පදනම මත බදවා ගනිමින් දිනකට විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමේ වැඩපිළිවෙලකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද(5) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස ඇමතිතුම විසින් මේ බව සදහන් කලේය.

දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟයට පිළියම් යෙදීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශ මත රජය විසින් “P” කාණ්ඩයේ චිප් සහිත හිස් විදේශ ගමන් බලපත්‍ර මිලියන 1.1ක් මිලදී ගැනීම දැනටමත් ආරම්භ කර ඇත.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන සහ රාජ්‍ය කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව එම ක්‍රියාවලියට සහාය වීම සඳහා විශ්‍රාමික රජයේ නිලධාරීන් තාවකාලිකව දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරේ.

275 Views
275 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »