මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. දැනට රජයෙන් වාහන ගෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයේ වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද(5) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

මන්ත්‍රීවරුන්ට පර්මිට් නොදෙන බවත්, ඔවුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවත් ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවත් හෙතෙම පැවසුවේය.

ඒ අනුව ආණ්ඩුවේ මෙන්ම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන පහසුකම් ඔවුන් විසින් සලසා ගත යුතු බවත් ඒ මහතා සදහන් කලේය.

රජය විසින් වාහන සංචිතයක් පවත්වාගෙන යමින් ඒ හරහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන වසර පහකට පසුව නැවත රජයට භාරදිය යුතු බවට තීරණය කර නමුත් එවැනි සංචිතයක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වාහන නොමැති බවත් ඔහු කියා සිටියේය.

එනිසා දැනට වාහන ලබාදීමට කිසිදු හැකියාවක් නැති බවත් ඔහු තව දුරටත් අවධාරණය කළේය.

99 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »