රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් 1දා සිට

2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීම 2025.04.01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. 2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 2025.01.01 වැනිදා සිට බලාත්මක කෙරෙන අප්‍රේල් මස පළමු වැනිදා සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව ගෙවීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ චක්‍රලේඛය 25දින නිකුත් කළ බව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ මහතා පැවසීය.

ඒ අනුව 2019.04.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2019 අනුව ගෙවනු ලබන රුපියල් දෙදහස් පන්සීයක මාසික අන්තර් දීමනාව සහ 2022.01.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2022 අනුව ගෙවනු ලබන රුපියල් පන්දහසක මාසික දීමනාව නව වැටුප් පරිමාණ තුළ අන්තර්ගත කර ඇත. 2024.12.31 වැනි දිනට අදාළ වැටුප් පරිමාණවල සිට මෙම චක්‍රලේඛයෙහි නව වැටුප් පරිමාණවලට වැටුප් පරිවර්තනය කිරීමට පියවර තැබීමේ ක්‍රමය යටතේ සිදු කළ යුතුය යන්න චක්‍රලේඛයේ සඳහන් වන අතර ඒ ඒ සේවාවන්ට වැටුප් වැඩි වීම සිදුවන ආකාරය චක්‍රලේඛයේ නියමිත පරිදි දක්වා තිබේ.

110 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »