සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය අර්බුදය විසදීමේ වර්ථමාන ප්‍රගතිය පිළිබඳ තවත් එක් සාකච්ඡා වටයක් ඊයේ පැවැත්වුනා. මෙම සාකච්ඡාවට සමාන්තරව බැංකු කරුවන්, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව සමඟ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යනවා.
මේ මොහොත වන විට මහ බැංකු වාර්ථා අනුව සුලු හා මධ්‍ය පරිමාන ණය ගැතියන් 12,000ක් පමණ අර්බුදයට ලක්ව සිටිනවා. මෙමෙ අර්බුදයට ලක්වූ ණය තොගය රු බිලියබ 210ක් පමණ වෙනවා.
මෙම ප්‍රමාණයෙන් 1000ක් පමණ මේ වන විට සිය බැංකු සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරනසාකච්ඡා ආර්ම්භ කර ඇති අතර කර්මාන්ත අමාත්‍යාංශයේ හරහා 400 පමණ දෙනාට මැදිහත්වීමක් කර තිබෙනවා.
එක් එක් ව්‍යාපාරයයේ ස්වභාවය, ණය ගෙවීමේ හැකියාව මත මේ සාකච්ඡා සාර්ථක අසාර්ථක භාවයට පත්වෙනවා. ණය පොලී කපා හැරීම, කාලය දීර්ග කිරීම, නව කාරක ප්‍රාග්ධනයක් ලබාදීම, අනාගත පොලිය කියන කාරනා එක් එක් ව්‍යාපාරිකයා අනුව වෙනස් වෙනවා.
මේ ක්‍රියාවලියට බැංකු සක්‍රියව මැදිහත්වීමක් කර ඇති බව දත්ත මගින් පැහැදිලි වුවත් යම් කාරනා වලට ඊට වඩා මැදිහත්වීමක් ව්‍යවසායකයන් බලාපොරොත්තු වෙනවා. මේ අපේක්ෂාවන් දෙක අතරමැදිකරුවෙක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙන නිසා ඔබේ අනාගත ණය ගෙවීමේ සැළැස්ම සකස් කරගෙන ඒ සමඟ අමාත්‍යාංශය හරහා තම බැංකුව එක්ක සාකච්ඡා කිරීමට හැකියාවක් තිබෙනවා.
පහුගිය සති කීපය තුල අමාත්‍යාංශය හා බැංකු තුනක් සමඟ ලංකා, සම්පත්, කොමර්ශල් කල සාකච්ඡා වලින් අඩක් පමණ සාර්ථක වුනා.
රටේ පවතින නීතියට අනුව නෛතික ක්‍රියාමාර්ග බැංකු ගත්තත් ඔබට මේ සාකච්ඡාවට අවතීර්ණ වීමට බාදාවක් නෑ. මේ මොහොතේ ඇති එකම හා හොදම විසදුම ඔබ ඔබේ අනාගත සැළැස්මක් සමඟ ඔබේ බැංකුව සමඟ සාකච්ඡා කිරීමයි.
ඉහත 12000ක ව්‍යවසායකයන් පිළිබඳ මුදල් අමාත්‍යාංශය, මහබැංකුව හා කර්මාන්ත අමාත්‍යාංශය දිගටම මැදිහත්වීමක් සිදු කරන්න සූදානම්.
චතුරංග අබේසිංහ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය
උපුටා ගැනීම – https://web.facebook.com/share/p/1H1YUe8pNz/

