“කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” සහන මිලට පොල් පොහොර ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද

විලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනඅද (30) ආරම්භ වේ.

ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු සමූහාණ්ඩුව, යුරල්කලි ආයතනය සහ ශ්‍රී ලංකා රජය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතී.

මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවති.

වෙළෙඳපලේ රු. 9,000/- වැනි මිලක් ව පවතින කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් රු. 4,000/- ක සහන මිලකට ලබාදීමේ කටයුතු ඒ අනුව සිදුකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ අනුව මේ මස 30 වන දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, පොල් වගාකිරිමේ මණ්ඩලයේ හඳපානාගල පොල් පැල තවානේදි සිදු කිරිමට මේ වන විට කටයුතු සුදානම් කරමින් පවතින බවද අමාත්‍යවරයා පවසයි.

මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000 ක් ඇති බවට තොරතුරු පවතින බවත් පැවසු අමාත්‍යවරයා පැවසුවේ මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවය.

රු. මිලියන 5,600ක ආයෝජනයක් මත මෙම පොහොර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙම පොල් පොහොර භාවිතා කොට රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමෙන් වසර 1 ½ කට පසු අස්වැන්න වැඩි කරගනිමින් එම අරමුණ සාක්ෂාත් කරගැනිමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාළ බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා ඉල්ලුම් පත්‍ පොල් වගා කිරිමේ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වනhttps://coconutsrilanka.lk/ වෙත පිවිසීමෙන් ලබා ගතහැකිය.

“කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” පොල් පොහොර සහනාධාර වැඩසටහනේ AMP පොහොර සහනාධාර ඉල්ලුම් පත ලබා ගෙන මෙම පොහොර සහන මිලට ලබා ගන්න
_____________________________________________
පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතුය. ඉල්ලුම් පත්‍රය පොල් වගා කිරිමේ මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගතහැක.
(වෙබ් අඩවිය https://coconutsrilanka.lk/)
______________________________________________
இந்த சலுகை மானிய கொடுப்பனவை பெற, தென்னை விவசாயிகள் தென்னை பயிர்ச்செய்கை சபையினால் தயாரிக்கப்பட்ட விண்ணப்பப் படிவத்தை நிரப்பி, தொடர்புடைய அங்கீகரிக்கப்பட்ட நிறுவனங்களுக்குச் சமர்ப்பிக்க வேண்டும். விண்ணப்பப் படிவத்தை தென்னை பயிர்ச்செய்கை சபையின் அதிகாரப்பூர்வ இணையதளத்தில் இருந்து பெறலாம். (இணையதளம் https://coconutsrilanka.lk/)

140 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »