“කොළඹ මුද්දර දැක්ම” අද(27) සිට 29 වැනිදා දක්වා

කොළඹ මුද්දර දැක්ම මාර්තු මස 27(අද) වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ 10 ඩී.ආර් විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.

ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින්.

දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශ ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ එහිදී මිලදී ගත හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

253 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »