Category Archives: News Highlights

මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් දාහතර දෙනකු මුදා ගැනේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාර සහ තායිලන්ත රජයන්හි සහය සහිතව, මියන්මාරයේ මියවඩි ප්‍රදේශයෙහි සයිබර් අපරාධ මධ්‍යස්ථාන විසින් මානව ජාවාරමට ලක්කොට බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු මුදා ගනු ලැබීමට සාර්ථකව පහසුකම් සලසන ලදී. මෙම ශ්‍රී ලාංකිකයන් 14 දෙනා 2025 […]

2025 මාර්තු මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය 2025 මාර්තු මස 19 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව […]

සංචාරක කර්මාන්තයට ITB හි හරිත ගමනාන්ත සම්මානය ලැබේ

තිරසාර සංචාරක ක්‍ෂේත්‍රයේ වසර ගණනාවක උත්සාහයන් වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය මෙවර ITB බර්ලින්හිදී හරිත ගමනාන්ත සම්මානයෙන් පිදුම් ලැබීය. සීගිරිය පර්වත බලකොටුව සහ ඒ අවට තිරසාර පාරිසරික භාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා දරන උත්සාහය වෙනුවෙන් රට ගෞරවයට පාත්‍ර විය. පස්වන සියවසේ සිට පැවත එන මෙම වැදගත් ඓතිහාසික බලකොටුව 1982 තරම් ඈත කාලයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් […]

විදේශීය සංචාරකයින්ට රජයේ රෝහල් කිහිපයක බටහිර, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සංකලනයෙන් ප්‍රතිකාර

මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. ලේකම්වරයා මේ බව පවසා සිටියේ පසුගිය දා පොතුවිල් මූලික රෝහලේ සිදුකල විශේෂ නිරීක්ෂණයකින් අනතුරුව අදහස් දක්වමින්ය. සෞඛ්‍ය […]

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්

* සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට නවීණ තාක්ෂණය භාවිතයට සැලසුම් * අපරාධ මර්දනයට නව නීති සම්පාදනයට අවධානය සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් […]

නිවැරදි පරමාර්ථය ප්‍රමුඛස්ථානයේ තබා ගැනීම සහ පිරිසිදු ශ්‍රී ලංකාව පිළිබඳ මූලධර්ම අනුගමනය කිරීම සහතික කිරීම.

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇති සැලසුම පිලිබදව රොෂාන් මහානාම මහතා විසින් ඉදිරිපත් කර ඇති අදහස පිලිබදව ඔහුට බොහෝමත්ම කෘතන්‍ය වන අතර ඉතා අවදානම් වූත් සංකීර්ණ වූත් ජනතා තීන්දුවකින් බලයට පත් වූ ජනතා රජය නිවැරදි අරමුණු කරා ගෙනයෑමට මෙම අදහස ඉතා වැදගත් වනු ඇත. රොෂාන් මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහන සම්පූර්ණ්යෙන් පහත […]

VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය.

1987 වසරේදීඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන්පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය,වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. ඒ […]

ජනපති සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

“මෙරටට පැමිණෙන සංචාරකයින්ට ලබා දෙන යටිතල පහසුකම් සහ සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න” – ජනපති ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එබැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස […]

ඇසුරුම් කල මිරිස් කුඩු සහ කෑලි මිල අඩුවෙලාද ?

අද වෙළද පොල තුල වියලි මිරිස් කරල් කිලෝ ග්‍රැම් 1ක මිල රු 750/= පමණ වන අතර සාමාන්‍ය මිරිස් කුඩු කිලෝ ග්‍රැම් 1ක මිල රු 1100ත් 1200ත් අතර වේ. එහෙත් පාරිභෝගුකයන් හට වෙළද පොල තුල හා සුපිරි වෙළද සැල් තුල ඇති ඇසුරුම් කළ මිරිස් කුඩු හා කෑලි වළ මිල ගනන් සැසදිය හැකිය. එම මිරිස් කුඩු ග්‍රැම් […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කළ “ගමින් ගමට” වැඩසටහන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කළ “ගමින් ගමට” වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන් මාලාව යටතේ සංවිධානය කළ පාක්ෂික හමු, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත, මුල්කිරිගල, තංගල්ල සහ තිස්සමහාරාම යන ආසනයන්හිදී ඊයේ සහ අද දින පැවැත්වුණු අතර මෙම අවස්ථාවන් සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා ද සහභාගී විය. 67 Views

Translate »