Category Archives: News Highlights

මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට පියවර

මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙහිදී 2025 වසර සඳහා, පළමු වසර විද්‍යාර්ථීන්ට සිදු වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කර ගැනීමට ගත හැකි කෙටිකාලින පියවර […]

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කිරීමට පියවර – ඇමති බිමල් රත්නායක

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කන්නට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ කඩිනමින් ඉදි වන පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගයේ නිරීක්ෂණයට අද (23) සවස එක්වූ අවස්ථාවේදීය. මෙහි දී පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව ඇමති බිමල් […]

මැතිවරණ කොමිසම පැමිණිලි ඉදිරිපත් කිරීමට ජංගම යෙදුම දියත් කරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ජංගම යෙදුමක් හඳුන්වා දෙන ලදී. EC EDR ලෙස නම් කර ඇති මෙම නව ජංගම යෙදුම හඳුන්වා දී ඇත්තේ, නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් කාර්යක්ෂමව සහ ක්‍රමානුකූලව මැතිවරණ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකිවන පරිදිය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා […]

ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස පත් කර ඇත

නව තානාපතිවරුන් දෙදෙනෙකු නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. ඒ එම කාරක සභාව පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයෙකු පත් කිරීම සඳහා වන නාමයෝජනාවද කාරක සභාව අනුමත කළේය. ඒ අනුව, කියුබා […]

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව රැස් වෙයි

පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ, අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව පසුගිය 21 වන දා පළමුවරට, එහි සභාපති අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ අනුව කරක සභාව මගින් ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහිදී නව වැනි […]

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තෙදින වැඩසටහනක්

මෙම වර්ෂයේ ජනවාරි පළමු දින සිට මේ දක්වා ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝගීන් 10,886 ක් වාර්තා වී ඇති අතර එය 2024 එම කාල සීමාව සමඟ සැසදීමේ දී 43.4% ක අඩුවීමකි. එසේ වුව ද මේ දිනවල කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී. […]

අම්පාර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 140 ක් සේවයට කැපවෙයි

වත්මන් රජය මගින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කර මෙරට ජනතාව සුවපත් කරන කාර්යයේදී හෙදියන්ට විශාල වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ පසුගියදා අම්පාර […]

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ අටමහල් ගොඩනැගිලි සංකීර්ණය මෙම වසරේ දී ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කෙරේ

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ දැනට වසර දහයකට පමණ පෙර ඉදිකිරීම් ආරම්භ කර මෙතෙක් වැඩ අවසන් කර නොමැති නව ගොඩනැගිලි සංකීර්ණයේ සදහා අලුතින් ප්‍රතිපාදන වෙන් කර මේ වන විට ඉදිකිරීම් කටයුතු සීග්‍රයෙන් සිදුවන අතර එම ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසන් වීමට ප්‍රථම නිමා කර ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිකාර සේවාවන් සදහා එක්කිරීමට සැලසුම් කර ඇත. ඒ සදහා […]

නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද වැඩ භාරගනී

නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩභාර ගත්අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාවයි ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියකි. කොළඹ විශ්ව […]

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24)ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටී. ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතාද(Mr. Remi Lambert), පලස්තීන තානාපතිවරයා ලෙසඉහාබ් අයි.එම්.කලීල් මහතාද(Mr.Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ […]

Translate »