පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කන්නට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ කඩිනමින් ඉදි වන පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගයේ නිරීක්ෂණයට අද (23) සවස එක්වූ අවස්ථාවේදීය.
මෙහි දී පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව ඇමති බිමල් රත්නායක පැවසූ අතර මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම්වලට සහ මාර්ග සංවරධන අධිකාරියට (RDA) මෙහිදී උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම ඉදිකිරීම් සමාගම්වල සේවකයින්ගේ සුභසාධනයට කටයුතු කරන ලෙසද උදෙස් දී ඇති ඇමති බිමල් රත්නායක මෙවර ජාතික ජන බලවේගයේ මංගල අයවැය සම්මත විමත් සමඟ සියලුම සංවර්ධන කටයුතු නඩිනම් කෙරෙමින් යන බව පවතා තිබේ.
මේ අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ නලධාරීහුද ව්‍යාපෘති ඉංජිනේරුවරුද සහභාගී වී සිටි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

