නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද වැඩ භාරගනී

නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩභාර ගත්අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාවයි

ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියකි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශ්‍රම අධ්‍යයනය පිළිබඳව ද, ඕස්ට්‍රේලියාවේ Flinders විශ්ව විද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳව ද, එක්සත් රාජධානියේ South Wales විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ද පශ්චාත් උපාධි ද ඇය හිමි කරගෙන තිබේ.

2001 වර්ෂයේදී කම්කරු නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති නදීකා වටලියද්ද, ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇත්තේ 2003 වර්ෂයේදීයි.

ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෙමසාරිස්වරියක ලෙසත්, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙසත්, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමණාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස මෙන්ම, රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු හොඔවා තිබේ.

Next article: ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තෙදින වැඩසටහනක්Next

90 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »