Tag Archives: News

ජනපති සහ ඉන්දියානු අගමැති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්වඅද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේය. උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. තමන් උපන් ගුජරාට් […]

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ […]

ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනපති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය පිළිගන්වයි

ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ප්‍රදානය කළේය. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (05)ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් […]

සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීමට හා විවෘත කිරීමට ජනපති සහ ඉන්දීය අගමැති එක් වෙයි

● ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ ● උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ආගමික ස්ථාන 5000ක පියසි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කෙරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ […]

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි. ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර […]

‘අපි මේ රට ආරක්ෂා කළ යුතුයි’: ට්‍රම්ප් තීරුබදු සමඟ ඉටු කිරීමට බලාපොරොත්තු වන දේ මෙන්න

බදාදා මාධ්‍ය හමුවකදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරුබදු විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළේය – ඔහුගේ පරිපාලනය “නැවත ඇමරිකානු ධනවත් කරන්න” ලෙස නම් කර ඇති සැලැස්මකි. නව අයකිරීම් අතර: සියලුම විදේශීය මෝටර් රථ සඳහා 25% තීරුබදු, බ්‍රහස්පතින්දා අලුයම 12:01 සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත, මෙන්ම එක්සත් ජනපද වෙළඳ හවුල්කරුවන් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු රැල්ලක්. එක්සත් ජනපදයට අපනයනය […]

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පනවයි

ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් සඳහා ‘අන්‍යෝන්‍ය’ තීරුබදු ප්‍රකාශයට පත් කර ඇති අතර එයට ශ්‍රී ලංකාව සඳහා 44% තීරුබදු ඇතුළත් වේ.එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ සියලුම භාණ්ඩ සඳහා 44% ක තීරුබදු ඇතුළුව ලොව පුරා රටවල් සඳහා ‘අන්‍යෝන්‍ය’ තීරුබදු ප්‍රකාශයට පත් කර තිබේ. ‘මුදල් හැසිරවීම් සහ වෙළඳ බාධක ඇතුළුව එක්සත් ජනපදයට අය කරන […]

ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත සිය සහය ලබාදෙන බව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතන් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ප්‍රධාන නිලධාරීන් හමුවෙමින් පවසයි.

🔸 ව්‍යවස්ථාදායක නිර්දේශිත නිර්ණායක සපුරාගැනීම පිණිස පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ස්වයං තක්සේරු අභ්‍යාසයක නිරත වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ, යහපාලන ව්‍යාපෘතියේ වැඩසටහන් කළමනාකරු ෆ්‍රේසර් මැකින්ටොෂ් (Fraser McIntosh) මහතා සහ සීෂෙල්ස් රාජ්‍යයේ, ජාතික සභාවේ නියෝජ්‍ය මහලේකම් ඇලෙක්සැන්ඩ්‍රියා ෆවුරේ (Alexandria Faure) මහත්මිය පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවිය. ඒ […]

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, සම්මත කිරීම අප්‍රේල් 08 වැනිදා – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි.

🔸 පාර්ලිමේන්තුව අප්‍රේල් 8,9 සහ 10 රැස්වීමටත් තීරණය කෙරේ 🔸 බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දෙදින විවාදය අප්‍රේල් 10 ඇරඹේ පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, සම්මත කිරීම සඳහා අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් […]

Opposition Leader’s Eid Message

සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යාමට එක්වෙමු. அனைவரும் ஒன்றிணைந்து சுபீட்சத்தை நோக்கி முன்னேறுவோம். Let’s Unite for Inclusive Prosperity It is a great privilege for me to extend my warmest wishes to thousands of Muslim brothers and sisters on the occasion of Ramadan. This sacred month carries profound religious, social, and cultural significance for people around […]

Translate »