ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අතර සාකච්ඡාවක් අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ට තම රාජකාරිය ඉටු කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් වෛද්‍ය නන්දික සනත් කුමානායක, GMOA සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, GMOA ලේකම්
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
85 Views

