2025 මාර්තු මස 31 දින සඳහා කාලගුණ අනාවැකිය

2025 මාර්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
හම්බන්තොට,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතරසහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

168 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »