උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතය.
පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් සිරිවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු 40කට අධික රාජ්‍ය ආයතන නියෝජන කරන වගකිවයුතු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
News Highlights
2025 පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ අද (21) පැවසීය.
138 Views

